May 18, 2024

මෙහෙම ගියොත් අපි යන්නේ සොහොනට : විමල්ගෙන් 225 ටම අනතුරු ඇඟවීමක්

තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකට තබා මේ අවස්ථාවේ කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකතු විය යුතු බව විමල් වීරවංශ මහතා යළිත් අවධාරණය කළා.

ඒ පාර්ලිමේන්තුව අමතමින්.

මේ අවස්ථාව

මේ අවස්ථාව දේශපාලනය කිරීමට අවස්ථාව නොවන බවත් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමතිධූර ගත යුතු බව ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළා.

එසේ නොවන්නේ නම් මේ ගමන නතර වෙන්නේ සොහොනෙන් බවට පාර්ලිමේන්තුවේ හැමෝම මතක තබා ගත යුතු බවට විරවංශ මහතා අනතුරු ඇඟවීමක් ද කලා.

එසේ අනතුරු ඇඟ වූ ඔහු සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී වෙන අයෙකුට අවස්ථාව ලබා දිය යුතු බවයි.

විශ්වාසය දිනා ගැනීම

ඊට හේතුව ද ඔහු පෙන්වා දුන්නා.

ඒ මේ අවස්ථාවේ අවම වශයෙන් මිත්‍රශීලී රටවල් සහයෝගයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක විදේශ සංචිතයක් ඇති කරගත යුතු බවත් ඒ සඳහා එම රටවල විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවක් තිබිය යුතු බවයි.

එහෙත් වත්මන් ආණ්ඩුවට ඒ විශ්වාසය දිනාගත නොහැකි බව වීරවංශ මහතා සඳහන් කළේ මේ වන විටත් ශ්‍රී ලංකාවට මිත්‍රශීලී රටවල්ව සිටී ජපානය , චීනය වැනි රටවල්ද වත්මන් ආණ්ඩුව තරහ කරගෙන ඇති බව පෙන්වා දෙමින්.

ප්‍රති විරුද්ධවාදියාට ප්‍රහාර

පාර්ලිමේන්තුව තුළ රට වැටී ඇති අර්බූදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති පුද්ගලයන් නැද්දැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ඔහු අවධාරණය කළා.

සිය කථාව අතරතුර "ද්විත්ව පුරවැසියා , අවලස්සන ඇමරිකානුවා" යන උපහැරණ දක්වමින් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කිරීමටද ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන වීරවංශ මහතා අමතක කළේ නැහැ.

අප දන්නා ඉතිහාසයේ මේ රටේ ජනතාව සමරන අවාසනාවන්තව අවුරුද්ද තව ටික දිනකින් එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2022 12:34