May 11, 2024

ජවිපෙ නායකයාගේ සුපිරි ආරක්ෂක සැලැස්ම එළියට

ජනතා විමුක්ති පෙරමුණේ නායක , ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් වූ විශේෂ රහසක් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ඒ තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නා ආකාරය පිළිබඳව.

නිල ආරක්ෂාව

ජ.වි.පෙ නායකයාද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු මෙන්ම පක්ෂ නායකයෙකුද වන නිසා ඔහුට නිල පොලිස් ආරක්ෂාවක් ලැබී තිබෙනවා.

එහෙත් කිසිදිනක ඔහු ඒ පොලිස් ආරක්ෂාව ලබාගන්නවා දක්නට ලැබුණේ නැහැ.

නිරන්තරයෙන්ම දක්නට ලැබුණේ ජ.වි.පෙ නායකයා කැබ් රථයක රියදුරු සමග තනියෙන් ගමන් කරන අයුරුයි.

හෙලි කල රහස

එහෙත් එය එසේ නොවන බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ඔහු සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුවෙන් පිටත් වීමට ආසන්න වෙද්දී පක්ෂයේ සහෝදරවරුන්ට ඒ බව දැනුම් දෙන බවත් ඒ අනුව තමන්ගේ ගමනාන්තය දක්වා පක්ෂයේ සහෝදරවරු නිල නොවන මට්ටමෙන් මග දෙපස සිට ආරක්ෂාව සපයන බවයි.

ඒ කුමන අයුරින්ද යන්න හෙළිදරව් නොකිරිමට ජ.වි.පෙ නායකයා වගබලාගත්තා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය

ජ.වි.පෙ නායකයා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන මෙම පිළිවෙත හෙළිදරව් කළේ පාර්ලිමේන්තුව අසල සිටී විරෝධතාකරුවෙක් ඔහුගේ වාහනයට නග්ගවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින්.

ජ.වි.පෙ නායකයා තමන්ට පක්ෂය විසින් ආරක්ෂාව සපයන අයුරු මෙසේ හෙළිදරව් කළේ තමන් ලාබෙට මැරෙන්න සූදානම් නැති බවද සඳහන් කරමින්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 07 April 2022 08:47