May 18, 2024

මහින්දගේ රුව ඇතුලත් මුදල් නෝට්ටුවක් දැක මුදලාලිට යකා නගී! ගනුදෙනු කරන්න බෑ කියයි

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් පෙරේදා (05) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.

යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වදිමින් කියමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා.

නතුරුව අසල්වැසි වෙළෙඳ හිමියන් විසින් තත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ.

රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරණය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන් පියවර ගෙන තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 April 2022 08:21