May 18, 2024

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදමු! ලොකුගේ යෝජනා කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ගෙදර යැවීමට අවශ්‍ය නම් එකතු වෙලා ඊට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

ඔහු කියා සිටියේ ද රටේ පවතින්නේ ඉතාම භයානක තත්වයක් බවයි.

මෙම තත්ත්වයෙන් මන්ත්‍රීවරු පමණක් නොව රටේ නායකයින් සියලු දෙනාම ආරක්ෂා කළ යුතු බවද ඔහු සඳහන් කළා.

“ගෝඨා ගෝ” කියලා තමුන්නාස්ලාට ජයග්‍රහණයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ගෝඨා යන්න ඕනි නම් අපි ඔක්කොම එකතුවෙලා එකට වැඩපිළිවෙලක් හදමු. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් යටකරලා ඒක කරන්න පුළුවන් කමක් නෑ” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 April 2022 11:10