May 12, 2024

කතානායකගේ හෙලිදරව්වෙන් මහින්දානන්ද සුන්

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයායි.

ඔහු ද මේ වන විට මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස් වූ ඇමති කණ්ඩායමේ සාමාජිකයෙක්.

නුදුරේ ඇති අනතුර

ඉතා නුදුරේම රටේ බරපතළ ආහාර හිඟයක් ඇති වන බවට බොහෝ විද්වතුන් පල කල මත ඔහු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කලා.

කිසිවිටෙකත් රටේ ආහාර හිඟයක් ඇති නොවන බවයි ඔහු ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කළේ.

එහෙත් කතානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධන මහතා නොබෝදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂ කරුණක් හෙළිදරව් කළා.

කථානායකවරයාගේ හෙලිදරව්ව

ඒ ඉතා නුදුරේම ආහාර හිඟයක් ඇති විය හැකි බවටයි.

කතානායකවරයා මෙරට තුන්වෙනි ප්‍රධානම පුරවැසියායි.

කතානායකවරයා අනතුරු ඇඟ වූ ආහාර හිඟය පිළිබඳ කතාවට මෙතෙක් අලුත්ගමගේ මහතා ප්‍රතිචාර දක්වා නැහැ.

Rate this item
(4 votes)
Last modified on Thursday, 07 April 2022 08:53