May 12, 2024

ණයට දුන්න තෙල් ගැන ඉන්දියාවෙන් පණිවුඩයක්

ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන නෞකා දෙකක් පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

එම එක් නෞකාවක පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් සහ අනෙක් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඇති බව සඳහන්.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණා.

මේ දක්වා ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් ශ්‍රී ලංකාවට සපයා ඇති බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන්.

Rate this item
(1 Vote)