May 12, 2024

දිනේෂ්ගේ ප්‍රකාශයෙන් කෙහෙළිය කලබල වෙයි: බන්දුලගෙන් ප්‍රශ්න කරයි

ඇමති ධූරයෙන් ඉවත් වී සිටින බන්දුල ගුණවර්ධන මහතා අද (6) පාර්ලිමේන්තුවේදී අකරතැබ්බයකට මුහුණ දුන්නා.

ඒ සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කළ ප්‍රකාශයක් නිසා.

විරෝධතාවය අතරතුර

බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලැබුණේය සමගි ජන බලවේගය විරෝධතාවයක නියැලී සිටි අවස්ථාවේ.

එහිදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා බන්දුල ගුණවර්ධන මහතා අමතා සඳහන් කළේ "මුදල් ඇමතිතුමා කතා කරන්න" කියායි.

ඒ සමගම බන්දුල ගුණවර්ධන මහතා සිය කතාව ඇරඹුවා.

හිටපු ඇමතිගේ ප්‍රශ්නය

එහෙත් සුළු වේලාවක් යන්නට මත්තෙන් එතැනට කලබලයෙන් පැමිණි ඇමති ධූරයෙන් ධූරයෙන් ඉවත් වී මේ වන විට විට ඇමතිකමක් නොමැතිව සිටින කෙනෙක් බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා.

"මුදල් ඇමතිකමේ දිවුරුම් දුන්නද."

එහෙම ඇහුවේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා.

මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය

ඒ අවස්ථාවේ තමා කරමින් සිටි කතාව පැත්තක තබා බන්දුල ගුණවර්ධන ඊට ප්‍රතිචාර දැක්වූවා.

ඒ මෙසේයි.

"නෑ නෑ නෑ."

බන්දුල ගුණවර්ධන මහතා බොහෝ කලක සිට මුදල් ඇමැති සිහිනයේ සිටින්නේ.

මේ වන විට පුරප්පාඩුව තිබෙන මුදල් ඇමතිකම සදහා ඔහුගේ නමද යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 April 2022 20:48