May 12, 2024

හරීන්ගෙන් නව අගමැති කෙනෙක්

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනාත්මක කතාවක් කළා.

ඔහුගේ විවේචනයට ආණ්ඩු පාර්ශව පමණක් නොව තමන් නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවයද අයත් වුණා.

වගකීම භාර නොගැනීම

එහිදී මේ අවස්ථාවේ කිසිවකු වගකීම බාර නොගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය අප්‍රසාදයද පළ කළා.

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතාද දැන් නොව ඉදිරියේදී රජවීමට සැලසුම් සකස් කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ නිසා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට කෙනෙක් නැත්නම් තමන් නමක් යෝජනා කරන බව මන්ත්‍රීවරයා සභාවට දැනුම් දුන්නා.

මන්ත්‍රීවරයාගේ යෝජනාව

ඒ අනුව ඔහු සමග ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා කලා.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසල වාඩි වී සිටි ඔහුගේ සමිපතයෙකු වන මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාද ඔළුව වනමින් එය අනුමත කරන අයුරුත් දක්නට ලැබුණා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 April 2022 20:41