May 06, 2024

ඉල්ලා අස් වූ ඇමතිවරුන් වරප්‍රසාද බාරදිය යුතු අයුරු: කෙහෙළියගෙන් පිළිතුරු

ඉකුත් 3 වැනිදා කැබිනට් ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වුණා.

මේ වන විට ඉන් 4 දෙනකු යළි දිවුරුම් දී තිබුණද එයින්ද එක් ඇමතිවරයෙක් යලිත් ඉල්ලා අස්වී තිබෙනවා.

වරප්‍රසාද භාර දීම

කැබිනට් ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරුන් දැරූ වරප්‍රසාද යළි පවරාදීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාගෙන් දිනපතා ජාතික ඉංග්‍රීසි පුවත්පතක් ප්‍රශ්න කර තිබුණා.

ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර තිබුණේ ඒ සඳහා සතියක් පමණ කල් ගත වනු ඇති බවයි.

එම ප්‍රශ්නයට ඔහු ප්‍රතිචාර දක්වා තිබුණේ තිබුණේ මේ ආකාරයට.

කඩිනමින් කිරිම

"ඒ වගේ වෙනසක් ඇති වූ විට ඇමති ධුරය වෙනුවෙන් ලබාගත් වරප්‍රසාද යලි ලබා දීමට සතියක පමණ කාලයක් යනවා."

"ලිය කියවිලි සහ වෙනත් සම්පූර්ණ කළ යුතු කරුණු ඒ සඳහා තිබෙන බැවින් ඒ දේවල් කඩිනමින් කරන්න බැහැ."

තමා හෙට (6) සිය අමාත්‍යාංශයට ගොස් තමන්ගේ පුද්ගලික ලිපිගොනු රැගෙන එන බවද රඹුක්වැල්ල මහතා එම පුවත්පතට පවසා තිබුණා.

වරප්‍රසාද අතර නිල නිවස, නිල වාහන ආදී බොහෝ වරප්‍රසාද මෙසේ යළි භාර දිය යුතු දේවල් අතර තිබෙනවා.

රඹුක්වැල්ල මහතා දැරුවේ සෞඛ්‍ය ඇමතිකමයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 17:13