May 06, 2024

දින 7කට පසු ඩීසල් එයි - බෙදා හැරීම පොලිස් ආරක්ෂාව මැද (PHOTOS)

දින හතකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වෙත ඊයේ (04) ලැබුණු ඩිසල් ඉන්ධන ලිටර් 6600 දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ පෝලිම් වල රැදි සිටි රථ වාහන හිමියන්ට බෙදා දිමට පියවර ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඩිසල් ඉන්ධන රැගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බවුසර් රථය ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන අවස්තාවේ පෝලිම් වල රැදි සිටි පිරිස උණුසුම් අයුරින් පිලිගැනිමෙන් අනතුරුව ඩිසල් බෙදා හැරිමේදි පෝලිම් වල රැදි සිටි පිරිස පෝලිමෙන් පිටතට පැන ඉන්ධන ලබා ගැනිමට උත්සහ කිරිමේදි පෝලිම් වල රැදි සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

හිස් ඩිසල් බූලි වලට ඩිසල් ලිටර් 40 බැගින් සහ වාහන වලට සීමා කර ඩිසල් ඉන්ධන ලබා දිමට ඉන්ධන පිරවුම්හල් හිමියන් පියවර ගැනුණා.

Rate this item
(0 votes)