May 07, 2024

නාමල්ගෙන් 225 ටම උපදෙස් මාලාවක්: 225 පළමු වගකීම ජනතාව කාම් ඩවුන් කිරීමයි (VIDEO)

පත්කර තිබෙන ඇමතිධුර 4 හැර ඉතිරිව තිබෙන ඇමති ධුර බාර ගැනීම සඳහා තවමත් විපක්ෂයට අවස්ථාව තිබෙන බව නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂයේ පක්ෂ නොව ආණ්ඩුවේ සිටින පක්ෂවලටද ඒ සඳහා තවමත් වේලාව තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

සියලු පක්ෂ

රට පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ එක් වී වගකීම් භාර ගන්නා ලෙස ජනපතිවරයා ආරාධනා කළ බවද ඔහු සඳහන් කළා.

අද (5) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා සිය අදහස පළ කළා.

සියලු මන්ත්‍රීවරුන් කතා කළේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල පැවැත්ම සඳහා බවයි ඔහු අවධාරණය කරන්නේ.

විසඳුම් යෝජනා නැහැ

කිසිදු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයට විසඳුම් යෝජනා නොකළ බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ටම රට මුහුණ දී සිටින අර්බූදයේ වගකීමෙන් මිදීමට නොහැකි බව සඳහන් කළා.

ජනතාවට පැහැදිලි අර්බූදයක් තිබෙන බව තමන් පිළිගන්නා බවද ඔහු සඳහන් කරනවා.

එහිදී කළ යුතු පළමු කාර්යය වන්නේ ජනතාව කාම් ඩවුන් (CALM DOWN) නැතිනම් ජනතාවගේ තිබෙන ආවේගශීලී බව අවම වන විදිහට කටයුතු කිරිම බව රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

එහෙත් අද (5) පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම තුළ දකින්නට ලැබුණේ නොව වෛරය වැඩිවන විදිහට කටයුතු කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 17:23