May 07, 2024

ජනපතිගේ පාසලේ අයත් විරෝධතාවයේ (PHOTOS) Featured

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

මෙම විරෝධතාවට අවට සිටි බොහෝ පිරිසක් ද එක්ව සිටි අතර, මේ හේතුවෙන් මරදාන අවට තරමක රථ වාහන තදබදයක් ද හට ගැනුණු බවයි එහි සිටින ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපනය හැදෑරූ පාසල ආනන්ද විද්‍යාලය වන අතර, වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනෙක් ද ආදී ආනන්දියන් වීම විශේෂත්වයක්.

Rate this item
(1 Vote)