May 07, 2024

තවත් හිටපු ඇමතිවරයෙකුගේ පක්ෂ කාර්යාලයක් වටලයි Featured

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සිදු කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රීක් තරුණ සංගම් හා ප්‍රදේශවාසී ජනතාවද මෙම විරෝධතාවය වෙනුවෙන් සහභාගී වී සිටි අතර විරෝධතාකරුවන් විසින් ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලට වටලා ආණ්ඩුවට ඇතුලු හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව විරෝධය පා තිබෙනවා.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

වත්මන් ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු කිසිවක් විසඳීමට අපොහොසත් වූවා සේම සමස්ථ රට වැසියාම මේ වන විට දැඩී පීඩාවන්ට පත් කිරීම හේතුවෙන් වහාම සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවයි.

Rate this item
(2 votes)