May 06, 2024

ඔළුගෙඩි එහෙ මෙහෙ වෙන ලකුණු: විමල් පිලේ මන්ත්‍රීවරයකුගෙන් අමුතු කතාවක්

ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ සන්ධාන ගත පක්ෂ 11 නියෝජනය කරන ගයාෂාන් නවනන්දන මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කළා.

ඒ තමන් පිළිබඳ තීන්දු ගන්නේ තමන් බවයි ඔහු සභාවට දැනුම් දුන්නේ.

ඔහු ඉන් නොකියා කිව්වේ තමන් ස්වාධීන වනවාද නැද්ද තීරණය කරන්නේ තමන් බවයි.

ඒ අනුව එම කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනා 15 දක්වා අඩුවන ලකුණු පෙනෙන්නට තිබෙනවා.

නවනන්දන මන්ත්‍රීවරයාද ස්වාධීන වන මන්ත්‍රී කණ්ඩායමට අයත් බවයි එම කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇමතු විමල් වීරවංශ මහතා සඳහන් කළේ.

නවනන්දන මහතා වාසුදේව නානයක්කාර මහතා නායකත්වය දෙන නව වාමාංශික පෙරමුණ නියෝජනය කරනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 11:33