May 02, 2024

ප්‍රහාරයෙන් පසු රොෂාන් රණසිංහත් රිවස් වෙයි: පොලිස්පතිටත් චෝදනාවක් කරයි

පොලිස්පති ඩබල්ගේම්කාරයෙක් බවත් ඔහු රාජකාරි හරිහැටි නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස රොෂාන් රණසිංහ මහතා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මීට ටික දිනකට පෙර තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රණසිංහ මහතාගේ පොළොන්නරුවේ පිහිටි නිවසට ඊයේ (4) ප්‍රහාරයක් එල්ල වුණා.

එල්ල කළ ප්‍රහාරය

ඒ ප්‍රහාරය මුල් කොටගෙන අද (5) ඔහු පාර්ලිමේන්තුවට කරුණු දැක්වූවා.

ඒ අවස්ථාවේ ඔහු සඳහන් කළේ තමන්ගේ නිවසට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රහාරය එල්ල කළ දිනට පෙර දින (3) බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළා.

එසේ ප්‍රහාරයක් එල්ල කරන බව දැන දැනත් තමාගේ නිවසට ලබාදී තිබුණේ පොලිසියේ 13 දෙනෙකු බවත් ඔහු පෙන්වා දුන්නා.

පොලිස්පතිට චෝදනා

ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තමා මේ සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිස්පතිට 13 වතාවක් කතා කළ මුත් සම්බන්ධ කර කරගැනීමට නොහැකි වූ බවද ඔහු අවධාරණය කළා.

තම නිවසට ඊයේ (4) ප්‍රහාර එල්ල කළ පිරිස ජාතික ජන බලවේගය , පෙරටුගාමී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ අය බවටයි ඔහු චෝදනා කළේ.

රොෂාන් රණසිංහ මහතාත් තම කණ්ඩායමත් සමග ස්වාධීන වන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කළ ප්‍රකාශයකට එහිදී රණසිංහ මහතා ප්‍රතිචාර දැක්වූවා.

තමා ස්වාධීන වීම පිළිබඳව මේ අවස්ථාවේ තීන්දුවක් නොගන්නා බවයි ඔහු සභාවට දැනුම් දුන්නේ.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 05 April 2022 12:03