May 06, 2024

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න විපක්ෂ නායක යෝජනා කරයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළා.

පාර්ලිමේන්තුවට අදාල වැඩ කටයුතු සියල්ල පසෙකලා මේ සතිය තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩ කටයුත්ත කරන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවට යෝජනා කළා.

විධායක ජනාධිපති සතු බලය පාර්ලිමේන්තුවට ගැනීම මේ අවස්ථාවේ කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

එසේ නැතුව ඇමති අන් තට්ටු ගැනීම සඳහා සමගි ජන බලවේගය සූදානම් නැති බව ඔහු සඳහන් කළා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 11:31