April 28, 2024

ශ්‍රීලනිපයේ 14 ම ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඇතුළත්.

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

තමන් ජනපතිව සිටිද්දී ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ස්ථාපිත කරන ලෙසට හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තුවට යෝජනා කළා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 10:37