March 28, 2024

සේනාධිපති පැනල ගිහින්: ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙන්න - පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා අද (5) උදෑසනම රටින් පැන ගොස් ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම දැනුම් දීම කළේ ජාතික ජන බලවේග මන්ත්‍රී විජිත හේරත් මහතායි.

මහජන පෙත්සම්

ඔහු ඒ බව ප්‍රකාශ කළේ මහජන පෙත්සම් ඉදිරිපත් කළ අවස්ථාවේ.

රටින් පැන ගිය සේනාධිපති මහතාව වහාම ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

රටින් පනින අය

එමෙන්ම රටින් පැන යාමට සිටින අනිකුත් අය වලක්වන ලෙසද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

සේනාධිපති මහතා වහා අත්අඩංගුවට ගැනීමත් තමා මහජන පෙත්සමක් ලෙස ඉදිරිපත් කරන බවයි ඔහු සභාවට දැනුම් දුන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 10:30

Related items