May 06, 2024

පොලිසිය ගැනම පොලිසියට සැකයක්: පරීක්ෂණයක් අරඹයි

කොට්ටාවේ පැවති උද්ඝෝෂණයකට පොලිස් නිල ඇඳුමෙන් පැමිණි තැනැත්තකු එක් වුණා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට වන විට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඒ බව තහවුරු කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයායි.

පොලිස් නිල ඇඳුමකින් සැරසී කළු පැහැති ජැකට්ටුවක් හා සුදු පැහැති ආරක්ෂක හිස් වැසුමක් පැළඳ ශබ්ද විකාශන යන්ත්‍රයක්ද අතැතිව උද්ඝෝෂණයට පුද්ගලයකු එක්වන වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැක ගැනීමට තිබෙනවා.

අනන්‍යතාව සෙවීම

"යුනිෆෝම් ඇඳන් හිටියත් අපිත් ඔයාලත් එක්ක තමයි"යනුවෙන් සඳහන් කරමින් එම පුද්ගලයා මෙම උද්ඝෝෂණයට එක් වුණා.

එම වීඩියෝ පටයේ සිටින පුද්ගලයා සැබෑ ලෙසම පොලිස් නිලධාරියෙක්ද නැද්ද යන්න පිළිබදව තහවුරු කර ගැනීම සඳහායි පොලිසිය මෙම පරීක්ෂණය පවත්වන්නේ.

පොලිස් නිල ඇඳුමින් එවැනි උද්ඝෝෂණයකට සහභාගි වීම විනය විරෝධී ක්‍රියාවක්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 08:24