May 06, 2024

ජනපති යන්නේ මොකටද: 69 ලක්ෂයක ජනවරමක් තිබෙනවා - ඇමති ජොනි

තමාට තවමත් ජන බලයක් තිබෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අවධාරණය කරනවා.

දැන් රට පුරා තිබෙන උද්ඝෝෂණ රැල්ල ඔහු හඳුන්වන්නේ අමුතු රැල්ලක් ලෙසටයි.

ජනපතිගේ ජනවරම

ජනපතිවරයාටත් 69 ලක්ෂයක ජනවරමක් තිබෙන බැවින් කවුරුත් කී පලියට ඔහු ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ යළිත් වතාවක් කැබිනට් ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යළි පත්කළ තමන්ගේ ඇමති ධූරය තාවකාලික නොව ස්ථිර එකක් බවයි.

නව කැබිනට් මණ්ඩලය

ඇමතිවරයා විසින් පත්කරන නව කැබිනට් මණ්ඩලයේ එක් පියවරක් ලෙස තමන් ඇතුළු පිරිසක් පත් කළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉතිරි දුර අන් පක්ෂවලට අය කැමතිනම් ලබා ගැනීමට හැකි බව සදහන් කරනවා.

පසුගිය කාලයේ එවැනි ඉල්ලීමක් තිබු බව අනාවරණය කරන ඔහු හැමෝම එක්වී එක් වී කටයුතු කිරීම හොද දෙයක් බවයි අවධාරණය කරන්නේ.

ජනපතිවරයා යළි තමන්ව ඇමැති ධුරයකට පත් කළේ අද (5) පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් අත්‍යවශ්‍ය නිසා බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාව යළි ඇමැති ධුරයට පත් කළේත් අද (5) පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිරීමේදී සභානායක ධුරයේ අවශ්‍යතාවය නිසා බවයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 08:04