May 13, 2024

අරගලයට පන්නරය දෙන විජය හඬ: දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්

මේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මානව හිතවාදියෙකු වන විජය කුමාරතුංගයන් දක්ෂ නළුවකු පමණක් නොව දක්ෂ ගායකයෙක්ද වුණා.

මේ දිනවල රට පුරා දියත් වන පොදු ජන අරගලය තුළ යළිත් විජය කුමාරතුංගයන් ජීවමාන වන අයුරු දක්නට පුළුවන්.

ජනප්‍රිය ගීතය

ඒ බොහෝ විරෝධතා වල විජය කුමාරතුංගයන් ගැයූ ඉතා ජනප්‍රිය ගීතයක් අරගලකරුවන් ගායනා කිරීමයි.

විජය කුමාරතුංගයන් ගැයූ "දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්" ගීතය බොහෝ විරෝධතාවල ගායනා කරන අයුරු දක්නට ලැබෙනවා.

එහි විශේෂත්වය වන්නේ එම ගීතය තරුණ පිරිස් විසින් ගායනා කිරීමයි.

තරුණ පරම්පරාව

එම තරුණ පිරිසෙන් බහුතරයක් විජය කුමාරතුංගයන් ඝාතනය කිරීමෙන් පසු උපන් අය.

විජය කුමාරතුංගයන් ඝාතනය කළේ හරියටම මීට වසර 34කට පෙර 1988 පෙබරවාරි 16 වැනිදා.

විජය කුමාරතුංගයන් මෙම ගීතය ගායනා කළේ නැක්සලයිට් චෝදනා මත එවකට පැවති ජේ.ආර්. ජයවර්ධන රජය ඔහුව සිරගත කිරීමෙන් පසුවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 07:58