May 12, 2024

පක්ෂ 11 කණ්ඩායම මැති සබේ ස්වාධීන වෙයි! පොහොට්ටුවේ පිරිසකුත් සූදානම්

ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස හෙට (05) පාර්ලිමේන්තුවේදී වෙනම අසුන් ගනු ඇතැයිද වාර්තා වනවා. 

ඇමති වාසුදේව නානයක්කාර මහතා ද ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම අසුන් ගනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමති ධුරවලින් ඉවත් කරනු ලැබුවද තවමත් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරමින් සිටියි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීන වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද අනිද්දා (06)පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට නියමිතව බව ආරංචි මාර්ග පැවසුවා.

ආණ්ඩුවේ අමාත්‍යධුර නොලැබුණු එහෙත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබෙනවා.

Rate this item
(2 votes)