May 01, 2024

මැති ඇමති නිල නිවාස ආරක්ෂාවට හමුදාවත් කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(2 votes)