April 30, 2024

පවතින අර්බුදය පිලිබද රනිල්ගේ අලුත්ම විග්‍රහය Featured

ජනපතිවරයාගේ නිවස වැටලීම කළ දිනට පසු දින එනම් අප්‍රේල් 1 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිර්මාණය වී ඇති අර්බුදය විග්‍රහ කර තිබෙනවා.

ඒ එදින පක්ෂ සභාපති වජිර අබේවර්ධන , ජාතික සංවිධායක සාගර කාරියවසම් , උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් සමග පැවති පැවති සාකච්ඡාවකදී.

මහජන පිපිරීම

මහජන පිපිරීම ඇතිවූයේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදීම මත බවයි එ.ජා.ප නායකයා එහිදී පෙන්වා දී තිබෙන්නේ.

දැන් එය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවද ඔහු සඳහන් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අය ආණ්ඩුව හඳුනාගෙන තිබෙන බව සඳහන් කිරිම සම්බන්ධයෙන්ද වික්‍රමසිංහ මහතා මතය පළ කර තිබෙන්නේ ඉතා වැදගත් කරුණක්ද පෙන්වා දෙමින්.

පොදු එකඟතාවය

එසේ හඳුනාගෙන සිටින කණ්ඩායම් පිළිබඳව සාක්ෂි සහිතව කිව යුතු බව ඔහු සඳහන් කරන්නේ මෙම සිද්ධිය ජාතිවාදී සිද්ධියක් බවට හුවා දැක්වීමක් නොකළ යුතු බව පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ සියලු දෙනාම පොදු එකගතාවයකට පැමිණ පාර්ලිමේන්තුවේ සහභාගීත්වයෙන් යුතුව විසඳුමකට යෑම ඇතිව තිබෙන ප්‍රශ්නයට විසඳුම ලෙසයි වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබෙන්නේ.

පවතින අර්බුදයට විසඳුම් සෙවීම සදහා නිල නොවන මට්ටමෙන් ආණ්ඩුව වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලබා ගන්නා බවට ද මත පළ වනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 03 April 2022 19:31