May 01, 2024

ජනපතිගේ නිවස වට කිරිම ගැන පොහොට්ටු ලේකම් යළිත් ප්‍රතිචාර දක්වයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් මීට ටික දිනකට පෙර ජනපතිගේ නිවස වට කළ ආකාරයට පුළුවන්නම් තමන්ගේ නිවසද වටලන ලෙස අභියෝග කළ පොදු ජන පෙරමුණ ලේකම්වරයා යළිත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පොදුඡන පෙරමුණ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා එසේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ඉකුත් 31 දා රාත්‍රියේ යලි නෑ වතාවක් ජනතාව ජනපතිගේ නිවස වැටලීම මුල්කොටගෙන.

ජනපති ධූරය

ජනපතිගේ නිවස වට කලාට ජනපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බවයි මෙවර කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

ජනපතිවරයාගේ නිවස වටලමින් ජනතා විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය සංවිධානාත්මක කණ්ඩායමක් කළ කඩාකප්පල්කාරී වැඩක් ලෙසයි ඔහු වැඩිදුරටත් හඳුන්වා දෙන්නේ.

පොදු ජන පෙරමුණ ලේකම්වරයා සඳහන් කරන්නේ එවැනි ක්‍රියා හඳුන්වා දිය හැක්කේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ලෙස බවයි.

රට වැට්ටීමේ කුමන්ත්‍රණය

කොවිඩ් වසංගත තත්ත්වයෙන් අමාරුවෙන් බේරාගත් රට යලි විනාශ කිරීමට කරන ප්‍රයත්නයක් ලෙසයි ඔහු මෙම විරෝධතා හඳුන්වන්නේ.

බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය ඉතා අසීරුවෙන් ගොඩ නඟන මේ මොහොතේ විදේශ විනිමය ඒම වළක්වා රට වැට්ටීම සඳහා ගෙනයන වැඩපිළිවෙළක් ලෙසටයි කාරියවසම් මහතා රට පුරා ක්‍රියාත්මක වන මහජන විරෝධතාවයන් හඳුන්වා දෙන්නේ.

අහිංසක මිනිසුන් උසිගන්වා කරන මේ වැඩේ පොදු ජන පෙරමුණ කිසිසේත් අනුමත නොකරන බව මහ ලේකම්වරයා සඳහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 19:33