May 02, 2024

ආණ්ඩුවේ මන්ත්‍රි දෙපලක් ඇමති, රාජ්‍ය ඇමති ධූර එපා කියයි

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ නිමල් ලන්සා සහ අසංක නවරත්න යන මන්ත්‍රීවරුන් ඔවුන් වෙත යෝජනා කළ දුර ප්‍රතික්ෂේප කොට ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිමල් ලන්සා මහතාට කැබිනට් ඇමති ධූරයක් යෝජනා කළ බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කැබිනට් ඇමති ධූරය

ඒ වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍ය ධුරය බවයි දැනගන්නට තිබෙන්නේ.

නානයක්කාර මහතා එම ඇමති ධුරයේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු පමණක් කරන අතර තමාව එම ධූරයෙන් ජනපතිවරයා විසින් කොයි මොහොතේ හෝ ඉවත් කරනු ඇතැයි යන විශ්වාසයෙන් පසු වනවා.

එසේ නොවුණහොත් තමා තීන්දුවක් ගන්නා බව මල්වතු - අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් පසු නානායක්කාර මහතා මාධ්‍ය අමතා සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා මහජන පක්ෂය

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මහත්වරුන් නායකත්වය දෙන පක්ෂ 11 සන්ධානයේ සාමාජිකයෙකු වන අසංක නවරත්න මහතාටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් යෝජනා කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

ඔහු අභාවප්‍රාප්ත ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග මහතා විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයායි.

පසුගියදා පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුටට සිය සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම වෙනුවෙන් නියෝජිතයින් දෙදෙනෙකු යැවීමට එම කණ්ඩායම තීරණය කළා.

තීන්දුවට පිටින් යෑම

එහෙත් එම තීරණයට පිටින් යමින් අසංක නවරත්න මහතා සර්ව පාක්ෂික සමුළුවකට එක්වී සිටියා.

ඒ ඔහු හා බැසිල් රාජපක්ෂ මහතා අතර ඇති වූ එකඟතාවයක් මත බවටයි මත පළ වුණේ.

නවරත්න මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදෙන බවට ප්‍රථමයෙන්ම තොරතුරු වාර්තා වුණේ ඒ අවස්ථාවේ.

පක්ෂ 11 සන්ධානගත කණ්ඩායමට සහාය දීම හේතු කොටගෙන නවරත්න මහතාව ඔහු දැරූ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයෙන් මීට පෙර ඉවත් කළා.

Rate this item
(4 votes)
Last modified on Monday, 28 March 2022 09:20