May 18, 2024

විදුලි කප්පාදුවට විසඳුමක්! පැරණි චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක යළි වෙළදපොලට

දිවයින පුරා මේ දිනවල සිදු කරන විදුලි කප්පාදුවත් සමග පැරණි චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක යලිත් වෙළදපොලට පැමිණ තිබෙන බව ඒෂියන් මිරර් කළ සොයාබැලීමකදී දැකගත හැකි වුණා.

වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළදපොලට රැගෙන ආ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

චිමිනි ලාම්පුවක් රු 1500 කට අලෙවි කරන බවත් චිමිනි ලාම්පුවේ බෝතල් කොටසේ යම් හිගයක් පවතින බවත් ව්‍යාපාරිකයන් සඳහන් කළා.

අඟුරු දමා රත්කර රෙදි මදින ස්ත්‍රික්කයක් රු 900 මිලකටත් අලෙවි කරන බවයි එම ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ.

ලම්තැරුම් සදහාද පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි තත්ත්වයක් පවතින බවත් ඔවුන් පවසනවා.

ලම්තැරුමක් රුපියල් 1500 වැනි මිලකට අලෙවි කල බවයි ව්‍යාපාරිකයින් කියා සිටියේ.

චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක මිල දි ගන්නා හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටින්නේ මුළු ලෝකයම තාක්ෂණයෙන් ඉදිරියට ගමන් කරන අවදියක ශ්‍රි ලංකාවේ ජිවත් වන ජනතාව වසර 50 ක් ආපස්සට ගොස් ඇති බවයි.

Rate this item
(0 votes)