May 05, 2024

උඩුගම රෝහල පණ අදී! සැත්කම් නවතී - දැඩිසත්කාර ඒකකයත් වසා දමයි

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවිම නිසා ගාල්ල උඩුගම රෝහලේ ශල්‍යාගාරයේ සහ දැඩිසත්කාර ඒකකයේ කටයුතු දැනට සතියක පමණ කාලයක සිට ඇණහිට ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

මෙම තත්වය නිසා උඩුගම රෝහලේ ශල්‍යකර්ම කටයුතු සහ සිසේරියන් සැත්කම් නතරවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

උඩුගම රෝහලේ සේවය කරමින් සිටි නිර්වන්දන වෛද්‍යවරුන් දෙදෙනා වැඩිදුර අධ්‍යයන කටයුතු සදහා විදේශගතවිම නිසා මෙම තත්වය උදාවි ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනතෙක් එම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වෙනුවට උඩුගම රෝහල සදහා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු අනුයුක්ත කොට නොමැති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

මේ නිසා සාමාන්‍ය සැත්කම් හා හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් කළ යුතු රෝගින් හා ගැබිනි මව්වරුන් කරාපිටිය රෝහල වෙත යොමුකිරිමට සිදුවි තිබෙනවා.

තවලම, හිනිදුම ආදි දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගින් මෙම තත්වය නිසා ගැටළු රැසකට ලක්ව තිබෙනවා.

 මේ පිළිබද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.එම්  සෝමරත්න මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදි මෙසේ කියා සිටියා.

"ඔය කියන කථාව හරියට හරි. අපිට ශල්‍යාගාරයේ හා දැඩිසත්කාර ඒකකයේ කටයුතු කිරිමට නොහැකිවෙලා තියෙනවා. වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විදියට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා උඩුගම රෝහලේ සේවය කළේ. එම වෛද්‍යවරුන් දෙදෙනාගේ පුහුණුව සම්පුර්ණ කිරිම සදහා විදේශගතවි තියෙනවා. ඇත්තටම නර්වින්දන වෛද්‍යවරුන් සදහා මෑත කාලයේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂය අධ්‍යක්ෂකවරයා දැනුවත් කරලා තියෙනවා." 

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2022 10:19