"වියත් මග" ජනප්‍රියතම කථිකයකු වූ එරන්ද ගිනිගේ මහතා ජනපති උපදේශකවරයෙකු ලෙස ජනපතිවරයා විසින් පත් කොට තිබෙනවා.
දිවයිනේ ප්‍රකට සමාජ ක්‍රියාකාරියකු වන ගිනිගේ මහතා සමාජ සහ පාරිසරික ගැටලු නව අකාරයෙන් විසඳන "සමාජ ව්‍යවසායකත්වය" මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියාද වනවා.
ඒ හරහා ඔහු ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා මෑත කාලයේ කැපී පෙනෙන හරි භාරයක් ඉටු කළ අයෙක්.
ගිනිගේ මහතා ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක් මෙන්ම ඉන්දියාවේ බැංග්ලෝර් සරසවියේ ජාන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙක්.
ඒ හැරුණුකොට ඔහු බ්‍රිතාන්‍ය කවුන්සිලයේ "නව්‍යකරණ ප්‍රධානියා" ලෙසත් "ඇත් පවුර" සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම වැඩ සටහනේ නිර්මාතෘවරයාද වනවා.