April 25, 2024

අගමැති උදයට ද්‍රෝහී වෙයි: දේශපාලන අදබාලයෙකු ලෙස හදුන්වයි

මේ වන විට ආණ්ඩුව සමඟ අර්බුදයක් ඇති කරගෙන සිටින ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 ක නායකයින් සමග අග්‍රාමාත්‍යවරයාගේ තිබුණේ කිට්ටු සබඳතාවයක්.

විශේෂයෙන්ම කණ්ඩායම නියෝජනය කළ කැබිනට් ඇමතිවරු තිදෙනා වූ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සමඟ.

අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය

එම කණ්ඩායමද තමන්ට අග්‍රාමාත්‍යවරයා සමග කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

එහෙත් අග්‍රාමාත්‍යවරයා ප්‍රථම වතාවට එම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ උදය ගම්මන්පිල මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ආකාරය විවේචනය කර තිබෙනවා.

ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාවේ.

බොරු කතාව

මේ වන විට දැඩි අර්බුදයක් වී තිබෙන තෙල් අර්බූදයක් සැබෑ ලෙසම රටේ නොතිබුණු බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

මේ වන විටත් තෙල් නැව් ගෙන්වා ඇති බව එහිදී සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා ඒවා ගොඩ බෑමට තිබෙන බව සඳහන් කර තිබෙන්නේ තෙල් අර්බුදය ඇති වූ ආකාරය පිළිබඳව විස්තරයක්ද කරමින්.

තමන් ජනපති ධුරය දරන කාලයේත් ඇතැම් අවස්ථාවල තෙල් තිබුණේ පැය 24 කට පමණ වන බවත් ඒත් ඒවා පිටට නොකිවූ බව සඳහන් කර තිබෙන අග්‍රාමාත්‍යවරයා තෙල් තිබෙන්නේ දවස හතරකට පහකට දැන් ප්‍රකාශ කරන විට ජනතාව කලබල වන බව පෙන්වා දී තිබෙනවා.

දේශපාලන අවබෝධය හා පළපුරුද්ද

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී පෝලිම් හැදෙන්නේ ඒ නිසා බවත් ඊට හේතුව දේශපාලන වශයෙන් අවබෝධයක් හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා බවයි ගම්මන්පිල මහතාගේ නම නොකියා අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

රට තුළ තෙල් තිබෙන්නේ දින තුන හතරකට පමණක් බවත් රට බරපතළ තෙල් අර්බුදයක් කරා ගමන් කරන බවත් පසුගිය දින කිහිපය පුරාම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ එවකට බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල මහතායි.

ඩොලර් නොමැති කම මත තෙල් අර්බූදයක් ඇතිවන බව ගම්මන්පිල මහතා බල ශක්තී අමාත්‍යවරයා ලෙස මාස ගණනාවක සිටම ජනතාව වෙත අනතුරු ඇඟ වූ අතර තෙල් අර්බූදයක් ඇති වන අවස්ථාව ගැන කලින්ම ප්‍රකාශ කරන බවටත් ජනතාවට පොරොන්දු වුණා.

ඒ අනුව මේ මාසයේදී බරපතළ තෙල් අර්බූදයක් ඇතිවන බව ඔහු ගිය මාසයේදී කිහිප වතාවක්ම ප්‍රකාශ කළා.

සාකච්ඡා ඇන හිටීම

ඉකුත් 4 වැනිදා විමල් වීරවංශ උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන්ට තමා හමුවන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර සිටිය මුත් අවසාන මොහොතේ එම හමුව ඔවුන්ටත් නොදන්නා අවලංගු කර තිබුණා.

ඒ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ බලපෑමට බවටත් මත පළ වනවා.

සාකච්ඡාව පැවැත්වෙන බව වීරවංස , ගම්මන්පිල හා නානයක්කාර යන මහත්වරුන් දැනගත්තේ ඔවුන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට අරලියගහ මන්දිරයට ගිය විටයි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 06 March 2022 13:21