May 18, 2024

ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම විකට නලුවෙකු ද වූ බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 97ක්.

කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති.

Rate this item
(1 Vote)