May 06, 2024

ලාන්සාගේ රාජ්‍ය ඇමතිකම ලොහාන්ට දෙන්න: මන්ත්‍රී පිරිසක් ඉල්ලීමට යයි

February 28, 2022

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා දරන මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා වෙන කෙනෙකු නම් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ඉල්ලීමට සූදානමින් සිටිනවා.

ඒ සඳහා ඔවුන් නමක්ද යෝජනා කිරීමට මේ වන වන විටත් සූදානම්.

යෝජිත නම

ඒ මේ වන විට ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නම.

රත්වත්තේ මහතා මහා මාර්ග කැබිනට් ඇමැති ධූරය දරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඉතා සමීප බැවින් ඔවුන් දෙපළට එම අමාත්‍යංශය ඉතා හොඳින් කළ හැකි බවයි එම මන්ත්‍රී පිරිසගේ අදහස.

බීමතින් බන්ධනාගාරයේ එල්ලුම් ගස බැලීමට කාන්තාවක් ඇතුළු පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට යෑම මත ලොහාන් රත්වත්තේ මහතාට ඔහු දැරූ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වුණා.

කලකිරීමෙන් සිටීම

ඔහු දැනට දරන ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යධූරය ගැන එම ධූරය ලැබුනදා සිටම ඔහු සිටින්නේ කනස්සල්ලෙන්.

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා තම අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඇති කරගත් ගැටුමක් මත අමාත්‍යාංශයේ සිය බඩු මුට්ටු මෙන්ම කාර්ය මණ්ඩලය මීට ටික දිනකට කර ඉවත් කර ගත්තා.

එම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පමණක් නොව විෂයභාර ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් අමාත්‍යවරයා සමගද ලන්සා මහතාට ප්‍රශ්න තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට ලංසා රාජ්‍ය අමාත්‍යවරයා සිය දුක්ගැනවිල්ල ලිපියකින් ජනපති හා අගමැතිට ඉදිරිපත් කොට ඊට ප්‍රතිචාර ලැබෙන තුරු බලාගෙන සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 March 2022 03:17