April 28, 2024

නිමල් ලාන්සා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි! ගෑස් සභාපතිව ගහලා පන්නන්න සූදානම්

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා.

"දැන් රටේ ගෑස් නැහැ. මිනිස්සු පෝලිම්වල.ගෑස් ගෙදර අරන් ගියාම පුපුරනවා. මේවා වෙද්දි ලිට්ට්‍රෝ සභාපති බයිලා ගහනවා .මාධ්‍ය වලට ගිහිල්ලා හිනා වෙනවා. හරි නම් ඔය සභාපති ඉල්ලා අස් වෙන්න ඕන. නැත්නම් ගහලා පන්නන්න ඕන. සමහර ආයතනවලට පත් කරලා තියෙන්නෙ වගකීමක් නැති මිනිස්සු. කවුරුහරි වගකීමක් බාර ගත්ත නම් ඒක ඉෂ්ට කරන්න ඕන." 

"අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. අපි මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. ඒකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් අදාළ පාර්ශ්ව.. ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක කියනවා." 

"මුතුරාජවෙල පවරා ගැනීම..අලුතෙන් ගහපු ගැසට් එක වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරු වරප්‍රසාද අතහැරලා.. වාහන භාරදීලා මිනිස්සු එක්ක හිටගෙන සටන් කරනවා." යැයි රාජ්‍ය ඇමතිවරයා කියා සිටියා.

Rate this item
(1 Vote)