May 04, 2024

රහස් සාකච්ඡාවට ගිය ආණ්ඩුවේ තුන ගැන ඔත්තුව දුන්නේ රනිල්ද?

February 22, 2022

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කොට රහස් සාකච්ඡාවක් මීට සති කිහිපයකට පෙර පැවැත්වූවා.

ඒ කොළඹ සිනමන් ලේක් හෝටලයේ කලින් වෙන් කර ගත් කාමරයකදී.

ආණ්ඩුවේ තිදෙනා

එහි දෙවැනි සාකච්ඡා වටයද මීට ටික දිනකට පෙර සුමන්තිරන් මහතා විසින් පැවැත්වූවා.

එහිදී විශේෂත්වයක් දක්නට ලැබුණා.

ඒ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී තුන් කට්ටුවක්ද ඊට සම්බන්ධ වී සිටීමයි.

කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් , අනුර ප්‍රියදර්ශන යාපා සහ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්තුරුන් එසේ සම්බන්ධ වූ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් වුණා.

රහස එළියට යෑම

ඔවුන් ඊට සම්බන්ධ වන බව ආණ්ඩුවේ කිසිවකු දැනගෙන සිටියේ නැහැ.

ඒ බව දැන ගැනීමත් සමඟ ආණ්ඩුව කලබලයට පත්වූ බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සහභාගි වීම සම්බන්ධයෙන්.

අනිත් දෙපළ ආණ්ඩුවේ සිටියද සිය ස්වාධීන මතයන්ට අනුව කටයුතු කරන්නන්.

සංවිධායකවරුන්ගේ සැකය

මේ තිදෙනා එම රැස්වීමට සම්බන්ධ වූ බවට තොරතුරු ආණ්ඩුවට ගිය හැටි ගැන එහි සංවිධායක පාර්ශවයට සැකයක් මතුව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

විශේෂයෙන්ම පළමු රැස්වීමට සහභාගි වී දෙවැනි රැස්වීමටත් සහභාගි වන බවට පොරොන්දු වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවසන් මොහොතේ එම රැස්වීමට සහභාගි වීම මග හැර තිබුණා.

ඒ ගැන රැස්වීම සංවිධානය කළ සුමන්දිරන් මහතා වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබෙන අතර තමාට වෙන වැඩක් යෙදීම නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

දැනුවත්ව සිටි අය

ලැබෙන ආරංචිවලට අනුව එම දෙවැනි රැස්වීමට සහභාගි වන පිරිස පිළිබඳව වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිට තිබෙනවා.

ඒ අනුව එම රැස්වීමට ආණ්ඩුවෙන් සම්බන්ධවූ තිදෙනා පිළිබඳව තොරතුර ආණ්ඩුවට ගියේ එම රැස්වීම මග හැරී වික්‍රමසිංහ මහතාගෙන්ද යන සැකය සංවිධායක පාර්ශ්වයට මතුව තිබෙනවා.

වික්‍රමසිංහ මහතා මෙවැනි පාවා දීම් වලට ඉතිහාසයේ පටන්ම නම් දැරූ කෙනෙක්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 22 February 2022 07:28