May 11, 2024

තිස්ස කුට්ටි බැංකු කතාවත් අනා ගනී: කියපු බොරුව අතේ පත්තු වෙයි (VIDEO) Featured

February 10, 2022

ආණ්ඩු පක්ෂයේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවත්වාගෙන යන ග්‍රාමීය ප්‍රාග්ධන බැංකුව ගැන ඊයේ (9) පාර්ලිමේන්තුවේදී කරුණු හෙළිදරව් වුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයම නියෝජනය කරන සමගි ජන බලවේගය මන්ත්‍රී චමින්ද විජේසිරි මහතායි.

රාජ්‍ය ඇමතිගේ පිළිතුර

ඔහු එහිදී එම බැංකුව ගැන කරුණු ඉදිරිපත් කොට එවැනි බැංකුවක් තිබෙනවාදැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවන් බැංකුවක් පිළිබඳව තමන් දන්නේ නැති බවයි.

කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අද (10) මෙම ප්‍රශ්නයට පිළිතුරු පාර්ලිමේන්තුවේදීම දුන්නා.

එහිදී ඔහු තමන් ආරම්භ කළ බැංකුවේ ප්‍රගතිය පිළිබඳව විස්තරයක් කළා.

බැංකුවේ විස්තරය

දිස්ත්‍රික් 10 ක් පුරා රැකියා විරහිත තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා ලබා දෙමින් පවත්වාගෙන යන මෙම බැංකුව නරක එකක් දැයි විමසමින් ඔහු සඳහන් කළේ තමන් එම බැංකුවේ නැති බවයි.

ඊට පිළිතුරු දීමට ප්‍රශ්නය මුලින්ම මතු කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගී සිටි අතර ඔහු සඳහන් කළේ මෙය බැංකුවක් නමින් හැඳින්වුවත් එහි නාම පුවරුවේ තිබෙන්නේ සමිතියක් යන්න බවයි.

එහි ඡායාරූපද ඔහු සිය දුරකථනය හරහා පෙන්වූයේ තවත් වැදගත් කරුණක්ද හෙළිදරව් කරමින්.

ඒ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන් එම බැංකුවේ නැති බව සඳහන් කලත් ඔහු ගිය මාසය වනතෙක්ම පාවිච්චි කළේ එම සමිතියට අයත් අසවල් අංකය දරණ වාහනය යැයි සඳහන් කළේ එහිද ඡායාරූපයක් සිය දුරකථනයේ තිබෙන බව මතක් කරමින්.

දෙපාර්ශ්වයම අදහස් දැක්වීමෙන් පසු යළිත් එම සිද්ධිය තවත් දුරදිග යෑම වැළැක්වීමට කතානායකවරයා පියවර ගත්තේ කුට්ටිආරච්චි මන්ත්‍රී මන්ත්‍රීවරයාට තවදුරටත් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවස්ථාවක් ලබා නොදෙමින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 10 February 2022 12:42