May 14, 2024

(EXCLUSIVE) සජිත් පිලෙන් යනවාද නැද්ද: චම්පිකගෙන් කෙලින්ම පිළිතුරක්

February 08, 2022

තමා හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කිසිදු ගැටලුවක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

ඒ නිසා සමගි ජන බලවේගයෙන් ඉවත්ව යෑම කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.

ජඩ මාධ්‍ය කලාව

සමගි ජන බලවේගය හා එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමාට ප්‍රශ්න තිබෙන බව සමාජ ගත කරමින් විපක්ෂයේ පාර්ශව අතර අනවශ්‍ය ගැටුම් හා බිදවැටීම් සිදු කිරීමට ජඩ මාධ්‍ය කලාවක් කරන ඇතැම් ජනමාධ්‍ය කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ එවැනි ජඩ මාධ්‍ය කලාවක් කරන පුවත්පතක් සහ වෙබ් අඩවියක් තිබෙන බවයි.

රාජපක්ෂ පාලනය යටතේ රටේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුළු සියලුම අංශ බිඳ වැටී අපිට මේ අවස්ථාවේ ආණ්ඩුවට හිතැති මෙම ජඩ මාධ්‍ය ගෙනයන වැඩපිළිවෙළ පිළිකුලෙන් යුතුව බැහැර කරන බවද ඔහු අවධාරණය කරනවා.

සාකච්ඡා මාර්ගය  

රාජපක්ෂ පාර්ශවය හැර වෙන පාර්ශව සමඟ කෙතරම් මතවාදාත්මක ගැටුම් තිබුණත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කටයුතු කරන බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

ආණ්ඩුවට හිතැති ජඩ මාධ්‍ය මෙවැනි බොරු කතා ගොතමින් රටේ සැබෑ තත්ත්වය මහජනතාවගෙන් වසන් කරලීමට උත්සාහ ගත්තද ජනතාව දැන් ඒ පිළිබඳව නිසි අවබෝධයකින් සිටින බව අවධාරණය කරන මන්ත්‍රීවරයා එම ජනතාව ආණ්ඩුව පලවා හැරීමට එක්වෙමින් සිටින බවද අනාවරණය කරනවා.

43 වැනි සේනාංකය නිර්මාතෘවරයාද වන රණවක මහතා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් කටයුතු කිරීමට නොහැකිකම මත ඉන් කොටසක්ද කඩාගෙන වෙනම දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට යන බවට පසුගිය දින කීපය පුරා පුවත් පළ වුණා.

රණවක මහතා ඒෂියන් මිරර් වෙත පිළිතුරු දුන්නේ එම පුවත සම්බන්ධයෙනුයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 10:09