May 05, 2024

විදුලි කියතකින් දෙපා කපා දමයි - කටුගස්තොට රණ්ඩුවකින් අයෙකු මරුට

කටුගස්තොට, මහංගොඩ ප්‍රදේශයේ අමානුෂික ඝාතනයක් සිදුව ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරනවා.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බව සඳහන්.

ආරවුලට සම්බන්ධ වූ දෙදෙනාගෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාගේ දෙපා වෙන්වන පරිදි කපා දමා ඇති බව යි වාර්තා වන්නේ.

ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ ගස් කැපීමට භාවිත කරන විදුලි කියතක්.

තුවාළ ලැබූ පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහි දී ඔහු සැත්කමකට භාජනය කිරීමටයි වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් එම ශල්‍යකර්මය අතරතුරේ දී ඔහු මරණයට පත්ව ඇති බව පැවසෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක පුද්ගලයෙක්

ඔහු ගලගෙදර, පොහොලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණයට පත් වූ තැනැත්තාගේ දෙපා කපා දැමූ පුද්ගලයා වයස අවුරුදු 54ක තැනැත්තෙකුවන අතර අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ ඔහු මේවන විට අත්අඩංගුවට පත්ව තිබෙන බව යි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 31 January 2022 12:24