May 17, 2024

ගැරඬි ඇල්ලේ ඛේදවාචකය : තරුණියක් තවමත් අතුරුදන්

11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගැරඩි ඇල්ලේ දිය නෑමට පැමිණ තිබුණේ ඊයේ (29) පස්වරු 4.00ට පමණ ඒ ඇටම්පිටිය - නාවල පාරේ සිටයි.

නිවසක පැවති දානමය පුණ්‍ය කර්මයකට සහභාගී විමෙන් පසු මෙම පිරිස දියනෑමට පැමිණ තිබුණා.

ඒ අතර තරුණ තරුණියන් පිරිසක් හා වැඩිහිටියන් කිහිප දෙනෙකු ද සිට තිබෙනවා.

ඔවුන් දිය නාමින් සිටියදී ප්‍රථමයෙන් 23 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ඇති අතර ඔහුව බේරා ගැනීම සඳහායි තරුණියන් පිරිස උත්සාහ කර ඇත්තේ.

එහිදි එම තරුණයා සහ තරුණියන් සිව්දෙනා දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

අනතුරුව ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර තරුණයා සහ තරුණියන් තිදෙනෙකුගේ සිරුරු එහිදී සොයා ගැනීමට හැකි වුණා.

ජීවිතක්ෂයට පත්වූ තරුණියන් තිදෙනා අවුරුදු 23, 21 හා 19 යන වයස්වල පසුවන්නන්.

සිද්ධියෙන් තවමත් අතුරුදන්ව සිටින තරුණිය 22 වැනි වියේ පසුවන අතර ඇය ජීවිතක්ෂයට පත් වු 19 හැවිරිදි තරුණියගේ සොහොයුරියයි.

ඇය සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මියගිය සිව්දෙනාගේ මෘතශරිර මේවන විට බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සබැඳි පුවත් : ගැරඬි ඇල්ලේ විනෝද ගමන ඛේදවාචකයකින් නිම වෙයි

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 22:44