March 29, 2024

ගැරඬි ඇල්ලේ ඛේදවාචකය : අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා ගැනේ

ගැරඬි ඇල්ලේ දිය නෑමේ දී සැඩ දිය පහරට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ ගැරඬි ඇල්ලේ දිය නෑම සඳහා ඇටම්පිටිය - නාවල පාරේ පදිංචි 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණියා.

මොවුන් දිය නාමින් සිටියදී ජල පහරට හසුව තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙකු ගසාගෙන ගියා.

කෙසේවෙතත් දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව එලෙස ගසාගෙන ගිය සයදෙනාගෙන් පස්දෙනෙකුගේ සිරුරු ඊයේ (29) රාත්‍රිය වන විට සොයා ගැනුණා.

එහිදී මියගිය ගැහැණු දරුවන් තිදෙනකුගේ සිරුරු සහ තරුණයාගේ මළසිරුර සොයා ගත්ත ද, 22 හැවිරිදි එක් තරුණියක් අද (30) පස්වරුව වන තෙක් සොයා ගැනීමට නොහැකි වුණා.

අඛණ්ඩව කිමිදුම් අංශ මගින් මෙහෙයුම් සිදු කෙරුණේ අතුරුදන් වූ තරුණිය සොයායි.

ඒ අනුවයි, අද පස්වරු 3.00ට පමණ අතුරුදන් වූ අනෙක් තරුණියගේ ද මළසිරුර සොයා ගැනුණේ.

මෙලෙස අතුරුදන් වූ තරුණිය සහ ජීවිතක්ෂයට පත් වූ 23 හැවිරිදි තරුණිය එකම පවුලේ සොහොයුරියන් බවට ද වාර්තා වනවා.

සබැඳි පුවත් : ගැරඬි ඇල්ලේ විනෝද ගමන ඛේදවාචකයකින් නිම වෙයි

                 ගැරඬි ඇල්ලේ ඛේදවාචකය : තරුණියක් තවමත් අතුරුදන්

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 15:58