May 04, 2024

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

මේ වනවිට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ විදුලි බලාගාර සඳහා ඉන්ධන ලබානොදීම හේතුවෙන් විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බවයි.

ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

එම නිසා අද සිට දිවයින පුරා ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය කාන්දුවක් සිදු කරන බව ද ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරනවා.

Rate this item
(0 votes)