May 17, 2024

ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙනවා.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිඳවැටීමක් මෙලෙස හදිසියේම විදුලිය බිඳ වැටීමට හේතුවී ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසා සිටියේ, පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ජනන යන්ත්‍රයක් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවයි.

වත්තල, මාලඹේ, අකුරැස්ස, මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වෙමින් පවතිනවා.

අප කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන පෞද්ගලික බලාගාරයක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් අද දිවයිනේ කිසිදු ස්ථානයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවා.

මේ අතර මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට කටයුතු කළ යුතු බවි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

විදුලි කප්පාදුවක් පිළිබදව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 20:20