May 09, 2024

විජේවීර පුතාගේ "දෙවැනි පරපුර" ටිකක් අප්සෙට් වගේ

උවිදු විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා.

"දෙවන පරපුර" සංවිධානය කළ මාතලේ දිස්ත්‍රික් වැඩසටහනකදී ඔහු තම පාලනයක් යටතේ පිහිටුවන මහජන නියෝජන ක්‍රමය පිළිබඳව අර්ථ නිරූපණයක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රමයේ වෙනස

තම පාලනයක් යටතේ දැනට පවතින පාර්ලිමේන්තු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කරන බව ඔහු එහිදී සඳහන් කර තිබෙන්නේ.

ඔහුගේ අර්ථ නිරූපණයට අනුව පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙකක් ස්ථාපිත කිරීමට නියමිතයි.

එය ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය නමින් ඔහු හඳුන්වා ඇති අතර රටේ බුද්ධිමතුන්ගෙන් සමන්විත මණ්ඩලයක්ද තම පාලනයක් යටතේ ක්‍රියාත්මක කරන බවයි එහිදී සඳහන් කර තිබෙන්නේ.

රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවය අවසන් කොට විශ්‍රාම යද්දී ඔවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත් කිරීම තම සැලැස්ම බව ඔහු අනාවරණය කරනවා.

අසාර්ථක වූ උත්සාහය

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන උවිඳු විජේවීර මහතා මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනම කොටසක් ලෙස හඳුන්වා දී ඇති අතර එම වෙනම කොටස ගන්නා තීන්දු තීරණ ඉහළ බුද්ධි මණ්ඩලයේ විසින් අනුමත කළ යුතු බව අවධාරණය කරනවා.

උවිදු විජේවීර මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා.

එහෙත් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ සම්ප්‍රදායික දේශපාලන නායකයින්ගේ විරෝධය මත ඔහුට නාමයෝජනා ලැබුණේ නැහැ.

Rate this item
(11 votes)
Last modified on Monday, 10 January 2022 15:04