May 05, 2024

අද කාලගුණය : දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

උතුරු පළාතේත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)