May 04, 2024

බැසිල් යළි මව්බිමට

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) යළි දිවයිනට පැමිණියා.

ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 850 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 8.05ට පමණ ඔහු යළි දිවයිනට පැමිණි බවයි.

මුදල් අමාත්‍යවරයා පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැමිණ සිටි බව ද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වනදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණා.

(කටුනායක - ටී.කේ.ජී.කපිල)

Rate this item
(0 votes)