May 03, 2024

ජෙට් කතාවට පසු නැව් කතාවක්! කෝටි ගණනක නෞකාවක් උස්සන්න කුමන්ත්‍රණයක්!

December 30, 2021

මෙරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු සහ ප්‍රකට ව්‍යාපාරිකයකු එක්ව නෞකාවක් පැහැරගෙන යාමේ සැළසුමක නිරතවන බවට වූ පුවතක් අප වෙත වාර්තා වනවා.

අදාළ නෞකාව මේවන විට මෝදර වරායේ නැංගුරම්ලා ඇති බව සඳහන්.

වසර දෙකකට අධික කාලයක් නෞකාව එම ස්ථානයේ පවතින බව යි වැඩිදුරටත් පැවසෙන්නේ.

එමෙන්ම මෙම නෞකාව කෝටි 52කට අධික වටිනාකමකින් යුතු බව පුවත් වාර්තා පෙන්වා දෙනවා.

කියවන්න: දිනක වියදම මිලියන 32යි! මහින්ද තිරුපති ගිය පුද්ගලික ජෙට් යානයේ රහස එළියට!

නෞකාවේ හිමිකාරීත්වය දරන්නේ “සීමැක්ස්” නමැති සමාගමක්.

එය විදේශීය සමාගමක්වන අතර ඔවුන් මෙරට ධීවර කටයුතුවලට සම්බන්ධ වී සිටින බව සඳහන්.

මේ අතර තම නෞකාව පැහැරගෙන යාමේ තැතක් පවතින බවත් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත් අදාළ සමාගම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කොට තිබෙනවා.

සමාගම සිය පැමිණිල්ල හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සිය කටයුතු සඳහා 2019 වසරේ මෙරටට ගෙන්වන ලද එම නෞකාව 2020 වසරේ දී ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන බව යි.

මෙරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙනු මෙම නැව වෙනත් විදේශීය පුද්ගලයෙකුට අත්පත් කර දීමට උත්සහ දරමින් සිටින බව ද අදාළ සමාගම පවසා තිබෙනවා.

එමෙන්ම එම දෙදෙනා මෙම ක්‍රියාවලියට නීතිඥවරුන් පිරිසක්ද සම්බන්ධ කරගෙන ඇති බව සීමැක්ස් සමාගම පෙන්වා දෙනවා.

මෙම පුද්ගලයින් වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ සිය නෞකාව අත්පත් කර ගැනීමේ උත්සාහයෙහි නිරතව සිටින බවත්, ඒ හේතුවෙන් සිය සමාගම දැඩි පීඩාවට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය යටතේ සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පවා උදාවී ඇති බවත් සීමැක්ස් සමාගම සිය පැමිණිල්ල හරහා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එම පැමිණිල්ලේ වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ බවට හැඟවෙන කූඨ ලේඛනයක් කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර මෙම නැව අත්පත් කර ගැනීමට ඉහත කී පුද්ගලයින් කටයුතු කරමින් සිටින බව යි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව ද වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 02:55