May 17, 2024

අද කාලගුණය : වැස්සේ වෙනසක්

December 28, 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවත් කාලගුණ අනාවැකියේ සඳහන්. 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඊයේ (27) රත්නපුර දිස්ත්‍රික්කයේ ගල් වැටීමේ අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 18 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 16 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කිලිනොච්චියේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ආපදා හේතුවෙන් සමස්ත පුද්ගලයින් 38දෙනෙකු පිඩාවට පත් වී තිබෙන අතර ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

Rate this item
(0 votes)