May 04, 2024

සිය නිවස පෙනී පෙනී ත්‍රිරෝද රථය අනතුරට ලක් වුණ හැටි (PHOTOS)

December 21, 2021

මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල බුලාගල ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයක් සහ කුඩා කැබ් රථ දෙකක් අනතුරට ලක්ව 4 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසටම ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ මාර්ගය අසල අලුත්වැඩියාවක් කරමින් තිබූ තවත් කැබ් රථයක් බව පොලීසිය කියයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තුන්දෙනෙකු සහ මාර්ගය අසල නවතා අලුත්වැඩියා කරමින් සිටි කැබ් රථයේ  අයෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදු වී තිබෙන බවත් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ බව පොලිසියේ සඳහන් කළා.

අනතුරු සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 (දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:34