April 25, 2024

කොරෝනා මැද දකුණේ තවත් ලෙඩක් පැතිරෙයි

December 21, 2021

ගාල්ල සහ අම්බලන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තාවන බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිතව ඇති අම්බලන්ගොඩ පටබැදිමුල්ල ප්‍රදේශයෙන් විශාල වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.

එමෙන්ම ගාල්ල ධීවර වරායෙන් ඩෙංගු මදුරුකීටයන් වැඩි වශයෙන් හමු වී ඇති බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා ගාල්ල හා අම්බලන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල ඩෙංගු රෝගය පැතිරියාමේ අවදානම් සහිත කොට්ඨාශ වශයෙන් හදුනාගෙන ඇති බවද පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුලදි ඩෙංගු රෝගින් 510 දෙනෙකු හමු වී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

ඩෙංගු මර්ධන පිළිබද ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බවත් තම ගෙවත්ත පිරිසිදුව තබා ගැනිම ප්‍රජාවගේ වගකිමක් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:31