May 13, 2024

IOC තෙල් මිලත් වෙනස් වෙයි

December 21, 2021

ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් සංස්ථාව තීරණය කිරීමත් සමග තමන් ද මිල සංශෝධනයක් සිදු කරන බව ලංකා ඉන්දියන් තෙල් සමාගම (ලංකා IOC) පවසනවා.

ඒ අනුව, IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 26කින් ඉහළ දැමීමට යි එම සමාගම තීරණය කර ඇත්තේ.

ඒ අනුව IOC පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 210ක්.

IOC සමාගම සෙසු ඉන්ධන වර්ගවල ද මිල ගණන් ඉහළ දමා ඇති අතර ඒවා ඉහළ දමා ඇත්තේ  ඛණිජ තෙල් සංස්ථාවේ මිල ඉහළ දැමීමට සමානවම යි.

මෙම මිල ඉහළ දැමීම ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යි.

අදාළ මිල සංශෝධනයට අනුව ඛණිජ තෙල් සංස්ථාව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමුවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 177ක් ලෙස යි.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල වැඩි වී ඇත්තේ රුපියල් 23කින්.

එහි නව මිල ලීටරයක් රුපියල් 207ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති බව සඳහන්.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121ක්වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වනවා.

භූමිතෙල් මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ ලීටරයක් රුපියල් 10ක් ලෙසින්.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:07