May 02, 2024

ඇමති බැසිල් හදිසියේම රට ගිය හේතුව හෙළි වෙයි

December 15, 2021

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන තරුණ සංවිධානයේ ජාතික සංවිධායක බුද්ධික වික්‍රමාදර මහතා අදහස් දක්වා තිබෙනවා.

ඒ අද නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

"බැසිල් රාජපක්ෂ මැතිතුමා රට යාම පිළිබඳව හැමතැනම කතා බහ කරන්න අරගෙන තියෙනවා. අපි හැමෝමත් විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ එතුමාගේ නායකත්වයෙන් මේ රට වෙනස් වෙනකන්. එතුමා පුංචි නිවාඩුවකට ගියා. නැවත වතාවක් ඉතාමත් ඉක්මනින් මේ රටට පැමිණෙනවා. සියලු දේවල් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු සංවිධානය කරලා ඉවර කරලා තමයි එතුමා රටින් බැහැරව ගියේ. දින කිහිපයකින් ආපහු එනකොට එතුමා එක්ක වැඩ කරන අනෙක් සියලුමදෙනාට තියෙන්නේ මේ රට සුඛිත මුදිත කරන්න තමන්ගේ තියෙන රාජකාරි හරියට කරලා පෙන්වන්න. පැහැදිලිවම කියනවා මේ වසර අවසන් වීමට පෙර මේ රටේ ප්‍රතිශක්තිය ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා සංවර්ධනය කිරීම ඉදිරි වසරේදී සිද්ධ කරනවා. ඒක ආචාර්ය, මහාචාර්යවරුත් එක්ක එකතු වෙලා කරපු අයවැයක්. මේ අයවැයට මේ රටේ ජනතාව සහය දුන්නා. ඒ අයවැයට අදහස් දෙන්නත් මේ රටේ ජනතාව එකතු වුණා. ජනතාවට අවශ්‍ය විදියට අයවැය නිර්මාණය කරලා තියෙනවා. ඒ අයවැයට නිවැරදි නායකත්වයක් තියෙනවා. මේ වසර අවසන් වෙනකොට මේ රට සුඛිත මුදිත රටක් විදියට බලා ගන්න හැකියාව තියෙනවා."

Rate this item
(0 votes)